සරලවම කිව්වොත් phone එකේ admin තමන් වෙන එකට තමා **root access** අරගන්නව කියන්නෙ. ඒ කියන්නෙ දැන් තමන්ගෙ phone එකේ admin තමන් නෙවේද? ඔව් ඒක එහෙම තමා. ඔයාට පුලුවන්ද මොකක් හරි app එකකින් ඔයාගෙ phone එකේ settings වල තියන device info වෙනස් කරගන්න ? එහෙම නැත්තන් phone එකටම එන play store වගේ ඇප් එකක් delete කරල දාන්න ? එතකොට තේරෙනවනෙ phone එක අපේ උනාට අපිට ඕන ඕන විදිහට කරන්න බෑ කියල. මේකට විසදුමක් විදිහට තමා root කරල root access අරගන්නෙ.
විශේෂම දේ තමා ඔයාට root access ඕනි නැත්තන් ඒක අරගන්න යන්න එපා. Fb එකේ එහෙම දැකල තියනව ගොඩක් අය root කරගන ඊට පස්සෙ අහනව root කරාට පස්සෙ මොනවද කරගන්න පුලුවන් කියල. තමන්ට root කරන්න එකෙන් වැඩක් නැත්තන් root කරන්න එපා.රූට් කරන එකේ වාසි වගේම අවාසි කීපයකුත් තියනව. ඒ උනාට මන් නන් කියන්නෙ root access ඕනි නන් බය නැතුව root කරගන්න එක වටිනව. මොනවද වාසි අවාසි කියල බැලුවොත් එහෙම,
වාසි :-
- Install කරද්දි root access ඉල්ලන apps install කරගන්න පුලුවන්.
- Official විදිහට android version update දෙන් නැති model වල android version එක update කරගන්න පුලුවන්.
- Custom rom install කරගන වෙනස්ම විදිහට phone එකේ os එකම හදාගන්න පුලුවන්.
- Exposed install කරගන phone එකට පොඩි පොඩි වැඩ කෑලි දාගන්න පුලුවන්.
- Status bar,notification bar ලස්සන කරගන්න, setings menu එක වෙනස් කරගන්නව වගේ දේවලුත් පුලුවන්
- Phone එක ගද්දි හම්බෙන warranty ඔක්කොම cancel වෙනව.( මේක නන් අලුතින් software ගැහුවම හරියනව. )
- සමහර device වලට අතුරු ආබාද එන්න පුලුවන්.(battry බහින එක වැඩි වෙන ඒව.phone එක slow වෙන ඒව වගේ දේවල්. මෙහෙම දේවල් වෙන්නෙ ගොඩක් කලාතුරකින් )
දැන් බලමු කොහොමද root කරගන්නෙ කියල, ඉස්සර නන් මේ වැඩේට pc එකක් ඕනි උනත් දැන් phone එකෙන්ම වැඩේ කරගන්න පුලුවන්. ගොඩක් ඇප් තිබ්බත් ගොඩක් අය use කරන විශවාසදායක app එකක් තමා iroot කියන්නෙ.ඒක මෙතනින් http://freeandroidroot.com/download-iroot-for-mobile-iroot-apk-all-versions/ අරගන්න පුලුවන්.
මේක install කරගන open උනාම කරන්න ඕනි දේ තේරෙයි. දෙපාරක් විතර restart වෙලා masssge එකක් එයි වැඩේ හරි කියල.බැරිවෙලාවත් මේකෙන් වැඩේ හරි නොගියොත් kingroot කියන app එක use කරල බලන්න පුලුවන්. හරියට root උනාද කියල බලාගන්න ඕනි නන් play store එකේ තියන root checker කියන app එක use කරන්න.
අන්තිමට කියන්න තියන දේ තමා ඔබේ දුරකතනයට සිදු වන කිසිම ආකාරයේ දෝශයකට මම වග නොකියමි. 😂😂
No comments:
Post a Comment